වකුගඩු ජාවාරම ශ්‍රිලංකාවේ කළේ මෙහෙමයි - නායක සුරේෂ්ගේ හෙළි දරව්ව

Wednesday, 27 January 2016 - 9:55

%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A++%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80
නීතියේ පවතින දුර්වලතා උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේදී වකුගඩු බද්ධ කිරීමේ කටයුතු  තමන්ට අවශ්‍ය පරිදි සිදුකරගැනීමට හැකිවූ බව ආන්දෝලනාත්මක වකුගඩු ජාවාරමේ  මහ මොළකරු යැයි සැළකෙන සුරේෂ් ප්‍රජාපති නමැත්තා ඉන්දීය පොලීසියට පවසා තිබෙනවා. මෙරට පෞද්ගලික රෝහල් කිහිපයක් සම්බන්ධ කරගනිමින් සිදුවූ මෙම වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා පසුගිය දා ඉන්දියාවේ නල්ගොන්ඩා පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා. ඔහු මේ වනවිට ඉන්දීය පොලීසිය භාරයේ රදවා ගනිමින් ප්‍රශ්න කෙරෙන අතර, එහිදී අනාවරණ වූයේ මෙම ජාවාරමට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් 6 දෙනෙකු ද සම්බන්ධ බවටයි.

තමන් විසින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට කැඳවාගෙන එන වකුගඩු පරිත්‍යාග කරන්නන් සහ වකුගඩු ලබාගන්නා පුද්ගලයන් මෙරට තුළ දින කිහිපයක් රඳවා තබාගන්නා බව සුරේෂ් ප්‍රජාපතී නමැත්තා පොලීසියට පවසා ඇති බව හින්දු පුවත්පත වාර්තා කර තිබුණා. ඒ සඳහා වකුගඩුව ලබාගන්නා පුද්ගලයාගෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 30 කට ආසන්න මුදලක් අයකරගන්නා අතර, ඉන් ඉන්දීය රුපියල් ලක්ෂ 15ක් ශ්‍රී ලංකාවේ සැත්කම සිදුකරන රෝහලටත්, තවත් ලක්ෂ 5ක් තැරැව්කරුටත් ලබාදීම සිදු කර තිබෙනවා. අයකරගන්නා මුදලින් තවත් ලක්ෂ 5 ක් වෙන්වන්නේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන වකුගඩු දායකයා සහ ග්‍රාහකයාගේ නවාතැන් පහසුකම් සඳහායි. කෙසේ වෙතත් ඉන් වකුගඩුව පරිත්‍යාග කරන පුද්ගලයාට හිමිවන්නේ ලක්ෂ 5 ක මුදලක් පමණයි.

හින්දු පුවත්පත තවදුරටත් වාර්තා කර තිබුණේ මෙම සැත්කම් සඳහා මෙරට රෝහල්වල ඇති සුබසාධන කමිටුවල දායකත්වය ද ලබාගෙන ඇති අතර, ඒ සඳහා එම කමිටුවලට ඉන්දීය රුපියල් 33,000 ක මුදලක් ලබාදී ඇති බවයි.

මේ අතර සැත්කම සිදුකරන කාලයට පෙර සහ පසු එම රෝහල් සහ ඒ අවට පරිශ්‍රයේ කටයුතු නිරීක්ෂණය සඳහා පුද්ගලයන් කිහිපදෙනෙක්ද යෙදවීමට කටයුතු කළ බවයි පොලිස් අත්අඩංගුවේ පසුවන සුරේෂ් ප්‍රජාපතී හෙළිකර ඇත්තේ.