රැඳවියෙකු පලා යයි - 6ක් ගෙදර යවයි

Wednesday, 27 January 2016 - 11:57

%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-++6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB+%E0%B6%BA%E0%B7%80%E0%B6%BA%E0%B7%92
තංගල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් 6 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව ලබාදුන් අතුරු වාර්තාවකට අනුව මෙම තීරණය ගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ටී.එන්. උපුල්දෙනිය හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

තංගල්ල බන්ධනාගාරයේ ජේලර්වරයෙකු, සැරයන්වරුන් දෙදෙනෙකු සහ නියාමකවරුන් තුන්දෙනෙකුගේ මෙලෙස වැඩ තහනම් කර තිබෙනවා.

ඊයේ (26) තංගල්ල බන්ධනාගාරයේ සිට මාතර බන්ධනාගාරයට සිරකරුවන් දස දෙනෙකු රැගෙන යන අවස්ථාවේ මෙම රැඳවියා ඉන් පළා ගොස් ඇති අතර මෙතෙක් ඔහු අත්අඩංගුවට ගෙන නැහැ.