විග්නේෂ්වරන්ගෙන් 19 දෙනෙකුගෙන් කමිටුවක්

Wednesday, 27 January 2016 - 14:22

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+19+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා ඉදිරිපත් කිරීම සදහා උතුරු පළාත් සභාව කමිටුවක් පත් කර තිබෙනවා.

මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගෙන් යුත් එම කමිටුවේ සභාපති ධුරය හොබවනු ලබන්නේ පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් විසින්. කමිටුවේ සිටින සාමාජිකයින් 19 දෙනාගෙන් 18 දෙනෙකු දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙකු ද ඊට ඇතුළත්.

ඊයේ (26) පැවති පළාත් සභා රැස්වීමේදී මෙම කමිටුව නම් කර තිබෙනවා.

මේ අතර, උතුර පළාත් මහඇමති සී.වී.විග්නේෂ්වරන් නායකත්වය දරන දෙමළ ජාතික සභාවද නව ව්‍යවස්ථාවට යෝජනා ඉදිරිපත් කිරීම සදහා සූදානම් වනවා.

එම යෝජනාවලිය මේ මස 31 වනදා එළිදැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.