ගුරුවරයෙකුගේ පහරදීමකින් ඕල්කට් විදුහලේ සිසුවෙකු රෝහලේ

Wednesday, 27 January 2016 - 15:42

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A++%E0%B6%95%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
ගුරුවරයෙකුගේ පහර දීමක් හේතුවෙන් කොළොන්නාව හෙන්රි  ඕල්කට් විද්‍යාලයේ  ඉගෙනුම ලබන සිසුවෙකු රෝහල් ගතකර තිබෙනවා.

09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවාට පාසලේ ගණිත ගුරුවරයෙකු විසින් පහර දී ඇත්තේ පසුගිය සිකුරාදායි.

මෙම සිසුවා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ 33 වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා.

ගණිත පැවරුම් සිදුකර නොමැති බවට පවසමින් අදාල ගුරුවරයා තම දරුවාට අමානුෂික අන්දමින් පහර දී ඇති බවට පහර කෑමට ලක්වූ සිසුවාගේ මව හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

 මෙම සිද්ධිය පිළිබඳව කොළඹ ජාතික රෝහලේ පොලිස් ඒකකය ප්‍රකාශයක් සටහන් කරගෙන වැල්ලම්පිටිය පොලිසිය ද දැනුවත් කර තිබෙනවා.

කෙසේ වෙතත් කොළොන්නාව හෙන්රි  ඕල්කට් විද්‍යාලයේ විදුහල්පති ප්‍රදීප් වික්‍රමතුංගගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු කියා සිටියේ එවැනි සිදුවීමක් තමන්ට වාර්තා වී නොමැති බවයි.

සිසුවාට පහර දුන් බවට පැවසෙන මෙම ගණිත ගුරුවරයා මේ වනවිට වෙනත් පාසලකට මාරුවක් ලබා ගොස් ඇති බවද සඳහන්.