විදුහල්පතිවරුන් ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක

Wednesday, 27 January 2016 - 14:44

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
තම සේවාව නීත්‍යානුකූලව ස්ථීර කරන ලෙස ඉල්ලා දිවයිනේ සියලූම ගුරු උපදේශකවරුන් අද පළාත් සභා ඉදිරිපිටදී විරෝධතාවල නිරතවුණා.

බස්නාහිර පළාත් ගුරු උපදේශකවරුන් අද ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූ අතර,  මධ්‍යම පළාත් ගුරු උපදේශකවරුන්ගේ සංගමය, මධ්‍යම පළාත් සභාව ඉදිරිපිටදී විරෝධතාවයේ නිරතවුණා. 

මේ අතර උතුරුමැද ගුරු උපදේශකවරුන්ගේ සංගමය අද පා ගමනින් උතුරුමැද පළාත් සභාව වෙත පැමිණි අතර, එහිදී ඔවුන් උතුරුමැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නට සන්දේශයක්ද භාරදෙනු ලැබුවා.   

අදාළ සන්දේශය භාරගැනීමෙන් අනතුරුව උතුරුමැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න කියා සිටියේ නීතිමය කරුණු සළකා බලා ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර ගලෙන්බිදුණුවැව කලාපයේ පාසල් 5 ක පවතින ප්‍රාථමික අංශ ගුරු හිඟයට විසඳුම් ඉල්ලා දෙමව්පියන් සහ දරුවන් පිරිසක් අද කලාප අධ්‍යාපන කාර්යාලය වටලා උද්ඝෝෂණයක නිරතවුණා.

ඔවුන්ට එහිදී විසඳුමක් නොලැබුණු නිසා මෙම දෙමව්පියන් කලාප කාර්යාලයේ සේවකයන් කාර්යාලය තුළ පැය දෙකකට ආසන්න කාලයක් සිරකර තබා ගත්තා.