ඥානසාර හිමියන් ගැන අස්ගිරි මහානාහිමියන්ගෙන් ප්‍රකාශයක්

Wednesday, 27 January 2016 - 14:52

%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විවිධ කාලවකවානුවලදී ඇතිවන ගැටලූවලදී ඒවා විසඳා ගැනීම සඳහා භික්ෂුන් වහන්සේලා පෙනී සිටි බව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන් ප්‍රකාශ කළා.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගිය දින කිහිපය තුළ පෙනී සිටියේ එවැනි ආකාරයෙන් බවටයි උන්වහන්සේ එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

රටේ ජාතික සමගිය ගොඩනැගීමේ කාර්යයේදී ද මහා සංඝරත්නයේ ආශීර්වාද සහ මග පෙන්වීම අත්‍යවශ්‍ය බවයි මහනාහිමියන් ප්‍රකාශකර ඇත්තේ.

රටක එක් කොටසක් ඉහළින් සහ තවත් කොටසක් පහළින් නොසිටිය යුතු අතර සියලුදෙනා සමගි සම්පන්නව කටයුතු කිරීමේන පමණක් රට ගොඩනැගිය හැකි බව ද උන්වහන්සේ පෙන්වා දෙනවා.

සෑම පුද්ගලයකුම සෑම ආගමකටම ගරු කල යුතු අතර තම ආගම ඇදහීමට නිදහසේ ජීවත් වීමට සෑම දෙනාටම අවස්ථාව තිබිය යුතු බව ද අස්ගිරි මහ නාහිමියන් සඳහන් කලා.

ගව ඝාතනය මෙන්ම රක්ෂිත කැලෑ විනාශ කරමින් ගම්මාන නිර්මාණය කිරීම නතර කල යුතු බව ද අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි නාහිමියන් පෙන්වා දෙනවා.

ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි අස්ගිරි මහානාහිමියන් අද (27) උදෑසන මහනුවර - අස්ගිරි විහාරයේදී බැහැදුටුවා.

එම අවස්ථාවේදීයි උන්වහන්සේ මෙම අදහස් පළ කළේ.