වසර 6ක ලිංගික අත්දැකීම් සටහන් ගොන්නකින් එළියට දෙන තරුණිය

Thursday, 28 January 2016 - 8:36

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+6%E0%B6%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA
වසර 6ක ලිංගික සේවයේ අත් දැකීම් සහිත සටහන් තමන් සතු බව තරුණියක පවසයි. මේ වනවිට විවාහක කාන්තාවක් වන ඇය පළමු  දරුවා අපේක්ෂාවෙන් සිටී.

ලිංගික වහල් සේවය මෙන්ම විවිධ ජාවාරම් කරුවන්ට අලෙවි වූ ඇය පිළිබඳ මේ වනවිටත් ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණකර අවසන්. ඇය වෙන කිසිවෙකු නොව  පැය 22කදී 110කගෙන් දූෂණය වූ බව පැවසූ බ්‍රිතාන්‍ය තරුණියයි.

වයස අවුරුදු 14 දී  - මව සමග ඇය ග්‍රීසියට  ගොස් තිබුණේ නිවාඩුවක් වෙනුවෙන්. කෙසේ වෙතත් දැරිය ලිංගික වහල් කමට ගොදුරුව තිබුණා. එතැන් සිට වසර 6ක් ඇය පුද්ගලයින්ට විකිණී ඇත. මෙම තරුණිය වීදියේ ගණිකාවක් ලෙස මෙන්ම  විවිධ ජාවාරම්කරුවන් විසින් මිලදී ගෙන යළි අලෙවි කිරීමට ලක්ව තිබේ.

මේ වනවිට 25ස්  හැවිරිදි ඇය මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියේ මේගන් ස්ටෙපන් නමින්.  මේගන් ස්ටෙපන් අනාවරණ කළේ  දිනකට පුද්ගලයින් 50ක් සමගවත් ලිංගික සේවනයේ යෙදුනු  බවයි. ඇය වසර 6ක අතීතය සිහිපත් කරමින් පැවසුයේ  වරෙක පැය 22ක්  පුද්ගලයින් 110කගේ ගොදුරක් වූ බවයි.

කෙසේ හෝ ලිංගික ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් මිදී පවුලේ පිරිස සමග යළි බ්‍රිතාන්‍යට පැමිණීමට ඇයට හැකිවුණා. ඉන් පසුවයි  ජාත්‍යන්තර මාධ්‍ය  හමුවේ මෙම කරුණු අනාවරණ කෙරුණේ.

තරුණිය පවසන්නේ ඇයගේ සටහන් - ලිංගික අඩම්තේට්ටම් හේතුවෙන් අසරණ වූ පිරිසට - පිහිටවීමේ පුණ්‍යායතනයක් ගොඩ නගා ගැනීමට උපයෝගී කර ගන්නා බවයි.