මාර්ගයක් පිළිසකර කරදෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් මාර්ගයට ගස් කපා දමයි

Thursday, 28 January 2016 - 10:46

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
කුරුණෑගල - උහුමීය හරහා - හංහමුණ මාර්ගය පිළිසකර කරදෙන ලෙස ඉල්ලා පිරිසක් එම මාර්ගයට ගස් කපා, ගල් දමා, කළු කොඩි ඔසවා ගමන් කිරීමට අපහසුවන ආකාරයෙන් අවහිර කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ  මීට පෙර මෙම මාර්ගය අලූත්වැඩියා කර දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් විරෝධතා කිහිපයක්ද පැවැත්වූ බවයි.

එහෙත් ඊට බලධාරීන් නිසි අවධානය යොමු නොකිරීම හේතුවෙනුයි ඊයේ රාත්‍රියේ ප්‍රදේශවාසීන් මෙලෙස ගමනාගමනයට බාධාවන අයුරින් මාර්ගය අවහිර කර ඇත්තේ.