සීකා වෛරසය ගැන අනියත බියක් එපා

Thursday, 28 January 2016 - 11:25

%E0%B7%83%E0%B7%93%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%AD+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F
සීකා වෛරසය පිළිබඳ අනියත බියක් ඇතිකර නොගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙනවා.

එමෙන්ම දැනට පවතින තත්වය අනුව මෙම රෝගය ලංකාව තුල පැතිර යාමේ අවධානම ඉතාම අවම බවයි සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කලේ.

ඩෙංගු රෝගය මර්දනය කිරීමට භාවිත කරන ක්‍රමවේදයම සීකා වෛරසය පාලනය කිරීමට උපයෝගී කරගන්නා ලෙසට ද එම නිවේදනය මගින් පෙන්වාදී තිබෙනවා.

සාමාන්‍යයෙන් සිකා රෝගය සුළු රෝග ලක්ෂණ ප්‍රමාණයක් පෙන්වන අතර, ඒ සදහා විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නොවන බවයි අමාත්‍යංශය කියාසිටියේ.

හොදින් විෙවික ගැනීම, ප්‍රමාණවත් පරිදි දියර වර්ග පාවිච්චි කිරීම, උණ සහ වේදනාව සමනය කිරීමට පැරසිටමෝල් ඖෂධ භාවිතා කිරීම රෝගය සදහා ප්‍රතිකාර ලෙස නියම කෙරෙනවා.

ඇස්ප්‍රීන් හෝ ඩිස්ප්‍රීන් කාණ්ඩයේ ඖෂධ ලබා නොදිය යුතු අතර රෝගය දරුණූ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කලා.

ගර්භනී කාන්තාවන්ට මෙම වෛරස් රෝගය වැළදීමෙන් විවිධ සංකූලතා ඇතිවන බවට වාර්තා පළ වුවත්, එසේ වන බවට පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි මගින් මේ දක්වා තහවුරු කර නොමැති බවයි අමාත්‍යංශය නිකුත්කල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

2014 මාර්තු මාසයේ දී පළමුවෙන්ම චිලි දේශයෙන් වාර්තා වූ මෙම රෝගය 2015 දී ප්‍රධාන වශයෙන් වාර්තා වුයේ දකුණු ඇමරිකාවේ බ්‍රසීලය සහ කොළොම්බියාවෙනි.

දකුණු ඇමරිකානු රටවල් 13 කින් පමණ සිකා රෝගීන් වාර්තා වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.