සිකා වසංගතයක් වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

Thursday, 28 January 2016 - 13:46

%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9F%E0%B7%80%E0%B6%BA%E0%B7%92
අලූතින් උපදින ළදරුවන්ගේ ආබාධ ඇති කරන මදුරුවන් මගින් බෝ වන සිකා වෛරසය වසංගත තත්ත්වයක් දක්වා ගමන් කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.

මේ වනවිට සිකා වෛරසය ඇමරිකාව ප්‍රමුඛ රටවල් විස්සක පැතිර ගොස් අවසන්.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ මීට පෙර වසංගතයක් බවට පත්වූ එබෝලා වෛරසයෙන් පාඩම් ඉගෙන ගෙන ඇති බැවින් සිකා වෛරසය එම තත්වයට යා නොදී වළක්වා ගැනීමට පියවර ගත යුතු බවයි.

ඇමරිකාව සඳහන් කළේ සිකා වෛරසයට එන්නතක් සොයාගැනීම සඳහා තවත් වසර දෙකක් පමණ ගතවනු ඇති බවයි.

එම එන්නත අත්හදා බලා වෙළඳපොලට ඉදිරිපත් කිරිීමට වසර 10 ක පමණ කාලයක් ගතවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

සිකා වෛරසයෙන් දැඩි බලපෑම් එල්ලවන්නේ ගැබිණි කාන්තාවන්ටයි.

ඒ හේතුවෙන් කුඩා හිසක් සහිත දරුවන් බිහිවන අතර, ඔවුන්ගේ මොළයද වර්ධනය වන්නේ අඩු වේගයෙන්.

මේ අතර පසුගිය වසරේ පමණක් ඇමරිකාවේ සිකා වෛරසය වැළඳීම හේතුවෙන් කුඩා හිසක් සහිත දරුවන් 25 000 ක් බිහිව තිබෙනවා.