තෙල් මිල අඩුවීමේ වාසිය ලංකාවට ලබාදෙන බව ඉරානය කියයි

Thursday, 28 January 2016 - 14:04

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමේ වාසිය ශ්‍රී ලංකාවට ලබාදීමට උපරිමයෙන් ක්‍රියා කරන බව මෙරට නව ඉරාන තානාපති මොහොමඞ් සෙයිරි අමිරානි පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සමඟ පසුගියදා පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ඉරානය මුහුණදුන් අසීරු කාලපරිච්ඡේදවලදී පවා ශ්‍රී ලංකාව තම රට සමඟ සම්බන්ධතා පැවැත්වූ බවයි.  

ශ්‍රී ලංකාව වසරකට ඉරානයෙන් බොරතෙල් බැරල් 50 000 ක් ආනයනය කරනවා.