හෝමාගම අධිකරණය ඉදිරියේ කලහය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට

Thursday, 28 January 2016 - 14:50

%E0%B7%84%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%84%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු බවට සැකපිට ත්‍රීරෝද රථ රියදුරෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෝමාගම පොලිසිය සඳහන් කළේ මොහු ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනුණේ පසුගිය අඟහරුවාදායි.

ඉන් අනතුරුව එම හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරුවරයා නියෝග කිරීමෙන් පසුව එම ස්ථානයේ කලහකාරී තත්ත්වයක් ඇතිවුණා.