මිස්ටර් බීන් යළි විවාහ දිවියට ?

Thursday, 28 January 2016 - 15:07

%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%3F
මිස්ටර් බින් ලෙස සැමගේ සිත් දිනාගත් රෝවන් ඇට්කින්සන් සිය නව පෙම්වතය සමග ලන්ඩන් නුවර නිවසේ පදිංචියට ගොස් තිබෙනවා.

ඒ ඔහු තම පළමු බිරිඳගෙන් දික්කසාද වී සතියකට පමණ පසුවයි.

මිස්ටර් බීන්, ලුවයිස් ෆෝර්ඩ් නම් කාන්තාව සමග වසර දෙකකට ආසන්න කාලයක සිට සම්බන්ධතා පවත්වාගෙන පැමිණි බව සඳහන්.

මේවන විට 60 වන වියෙහි පසුවන රෝවන් ඇට්කින්සන්ගේ වත්මන් පෙම්වතියගේ වයස අවුරුදු 32 ක්.

ඇය මීට පෙර මිස්ටර් බින් චිත්‍රපටවල සහය නිළියක් ලෙස කටයුතු කල අයෙක් ද වනවා.

මිස්ටර් බින් සහ ලුවයිස් ෆෝර්ඩ්ගේ සම්බන්ධය පළමු වරට මාධ්‍යයට හෙළි කෙරුනේ 2014 වසරේදීයි.

රෝවන් ඇට්කින්සන් ලන්ඩන් නුවර පදිංචියට පැමිණි නිවසේ වටිනාකම පවුම් මිලියන 5 කට ආසන්න බව සඳහන්.

ඔහු තම පළමු බිරිඳ වු සුනේත්‍රා සැස්ටි‍්‍ර සමග වසර 24 කට ආසන්න කාලයක් විවාහ ජීවිතය ගතකර තිබෙනවා.

ඇය දික්කසාද කිරීමට හේතුවක් මෙතෙක් අනාවරණ කර නැහැ.

ඇතැම් පිරිස් පෙන්වා දෙන්නේ මිස්ටර් බින්ගේ නව පෙම්වතිය චැනල් ෆෝ නාලිකාවේ සේවය කල අතර ඇයට එම වෘත්තියෙන් ඉහළට පැමිණීමට ද මෙම සම්බන්ධතාව හේතුවු බවයි.