හිරු සිරිපා කරුණාව ඇරඹෙයි

Friday, 29 January 2016 - 7:35

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලක් ඉතිහාසයේ සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව, හිරු සිරිපා කරුණාව අද අලූයම ආරම්භ කෙරුණා.

හිරු එෆ්.එම්. සංවිධාන කරන මේ සුපින්බර වන්දනා චාරිකාවට එක්ව සිටින්නේ රට පුරා විසිරුණු හිරු ශ්‍රාවකයන්. අද (29) උදෑසන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පිටත්වන වන්දනා බස් රථවලින් එම පිරිස් සිරිපා කරුණා කිරීමට රැගෙන යන අතර, ඔවුන්ට අවශ්‍ය සියළු පහසුකම් සැලසීමට හිරු එෆ්.එම්. කටයුතු යොදා තිබෙනවා.

මෙවර හිරු සිරිපා කරුණාවේ සුවිශේෂීත්වය වන්නේ උත්තරීතර පූජා කරඬු වහන්සේ හය නමක් වැඩම කරවන මංගල රිය පෙරහර දිවයිනේ ස්ථාන 06 කින් ගමන් ආරම්භ කිරීමයි.

මහියංගනය සිට සිරිපා කරුණාවට වන්දනා නඩය රැගත් බස් රථය පිටත් වන්නේ මහියංගනය රාජමහා විහාරස්ථානයෙන්.

අනතුරුව හසලක - උඩුදුම්බර - හුන්නස්ගිරිය - තෙල්දෙනිය - දිගන - මහනුවර හරහා වන්දනා නඩයත් රැගෙන එම බස් රථ සිරිපා කරුණාවට එක් වනවා.

කළුතර බෝධිය අසලට රැස්වන තවත් වන්දනා නඩයක් රැගත් බස් රථ සිරිපා කරුණාවට එක් වනවා.

කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයෙන්ද, වන්දනා නඩ රැගත් බස් රථ හිරු සිරිපා කරුණාවට එක් වනු ඇති.

මිනුවන්ගොඩ රජමහා විහාරස්ථානයෙන් පැමිණෙන වන්දනා නඩ රැගත් බස් රථ වේයන්ගොඩ - නිට්ටඹුව - වරකාපොල - කෑගල්ල - මාවනැල්ල - කඩුගන්නාව ප්‍රදේශ පසුකරමින් ගමන් කිරීමට නියමිතයි.

දිවයිනේ සංවිධාන වන දැවැන්තම වන්දනා චාරිකාව වන හිරු සිරිපා කරුණාවට ඇඹිලිපිටියෙන්ද තවත් පිරිසක් එක්වනවා.

උත්තරීතර පූජා කරඬු වහන්සේ රැගත් තවත් වන්දනාකරුවන් පිරිසක් හිරු සිරිපා කරුණාවට නිකවැරටියෙන්ද ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

වාරියපොළ, කුරුණෑගල, මාවතගම, ගලගෙදර සහ කටුගස්තොට ප්‍රදේශ පසුකරමින් එම වන්දනාකරුවන් ගමන් කරනු ඇති.

මේ සියළු වන්දනා නඩ එකට එක් වන්නේ හැටන් නගරයේදීයි. අනතුරුව ඒවා නල්ලතන්නිය දක්වා ගමන් කිරීමට නියමිතයි.

එමෙන්ම, මෙවරද බැතිමතුන් රැගත් වන්දනා බස් රථ පිටත්වන මාර්ගයේම උත්තරීතර පූජා කරඬු වහන්සේ හය නම සහ අෂ්ඨ පරිස්කාර රැගත් රථ පෙළක්ද, බස් රථ ඉදිරියෙන් ගමන් කිරීම විශේෂත්වයක්.

ඊට වන්දනාමාන කිරීමට මග දෙපස රැස්ව සිටින ජනතාවටද අවස්ථාව සැලසෙනු ඇති.

අටපිරිකර රැගත් හිරු වන්දනා රථ ඔබේ නගරයට පැමිණෙන වේලාව පිළිබඳ විටින් විට හිරු හරහා දැනුවත් කිරීම් සිදුවනවා.

පූජා භාණ්ඩ සමඟින් නන් දෙසින් පැමිණෙන වන්දනා නඩ නල්ලතන්නියට ළඟා වූ පසු සැදැහ සිතින් සිරිපා කරුණා මහා වන්දනා චාරිකාව ආරම්භ වනු ඇති.

අටපිරිකර රැගත් හිරු වන්දනා රථ ඔබේ නගරයට පැමිණෙන වේලාව පිළිබඳ විටින් විට හිරු හරහා දැනුවත් කිරීම් සිදුවනවා.

පූජා භාණ්ඩ සමඟින් නන් දෙසින් පැමිණෙන වන්දනා නඩ නල්ලතන්නියට ළඟා වූ පසු සැදැහ සිතින් සිරිපා කරුණා මහා වන්දනා චාරිකාව ආරම්භ වනු ඇති.

උත්තරීතර පූජා කරඬු වහන්සේ 6 නමක් වැඩම කරවන මංගල රිය පෙරහැරේ ගමන් මාර්ග

ආරම්භය - ඇඹිලිපිටිය

ඇඹිලිපිටිය - ගොඩකවෙල - පල්ලෙබැද්ද - මාදම්පේ - කහවත්ත - පැල්මඩුල්ල - රත්නපුර - කුරුවිට - ඇහැළියගොඩ - අවිස්සාවේල්ල - කරවනැල්ල - යටියන්තොට - ගිනිගත්හේන - හැටන් - නල්ලතන්නිය
 


ආරම්භය - නිකවැරටිය

නිකවැරටිය - වාරියපොළ - කුරුණෑගල - මාවතගම - ගලගෙදර -  කටුගස්තොට - නුවර - පේරාදෙණිය - ගම්පොළ - නාවලපිටිය - ගිනිගත්හේන - හැටන් - නල්ලතන්නිය


ආරම්භය - කොළඹ

කොළඹ - ඔරුගොඩවත්ත - වැල්ලම්පිටිය -  කොටිකාවත්ත - අංගොඩ - කඩුවෙල - හංවැල්ල කොස්ගම - පුවක්පිටිය - අවිස්සාවේල්ල - කරවනැල්ල - යටියන්තොට - ගිනිගත්හේන - හැටන් - නල්ලතන්නිය



ආරම්භය - මිනුවන්ගොඩ

මිනුවන්ගොඩ - වේයන්ගොඩ - නිට්ටඹුව - වරකාපොළ -කෑගල්ල - මාවනැල්ල - කඩුගන්නාව - පේරාදෙණිය -  ගම්පොළ - නාවලපිටිය - ගිනිගත්හේන - හැටන් - නල්ලතන්නිය


 
ආරම්භය - මහියංගනය

මහියංගනය - හසලක - උඩුදුම්බර - හුන්නස්ගිරිය - තෙල්දෙණිය - දිගන - නුවර - පේරාදෙණිය - ගම්පොළ - නාවලපිටිය - ගිනිගත්හේන - හැටන් - නල්ලතන්නිය


ආරම්භය - කළුතර

කළුතර - පානදුර - හොරණ - පාදුක්ක - මීපේ - පහත්ගම -කළුඅග්ගල -  කොස්ගම - පුවක්පිටිය - අවිස්සාවේල්ල - දෙහි ඕවිට - කරවනැල්ල - යටියන්තොට - ගිනිගත්හේන - හැටන් - නල්ලතන්නිය
 


යන මාර්ග ඔස්සේ ශ්‍රීපාදස්ථානය කරා ගමන් කිරීමට නියමිතයි.

17 වසරක් පුරාටම අප ඉපැයූ වත්කම වූ දයාබර ශ්‍රාවක ඔබට මෙකී පිං කටයුත්තටත් අප බැතිසිතින් ඇරයුම් කරමු.