සීකා වෛරසය ශරීර ගත වූ බ්‍රසීල මව්වරුන් ගබ්සාව ඉල්ලයි

Friday, 29 January 2016 - 8:14

%E0%B7%83%E0%B7%93%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B7%81%E0%B6%BB%E0%B7%93%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B6%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කුඩා හිස් සහිත දරුවන් බිහි කිරීමට හේතුවන සීකා වෛරසය ශරීර ගත වූ බ්‍රසීල මව්වරුන්ට ගබ්සා අයිතිය ලබාදෙන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා.

මේ වනවිට මෙම රෝගය බ්‍රසීල ඇතුළු රටවල් 21 ක පැතිරී ඇති අතර, මිලියන 3 ත් 4 ත් අතර ප්‍රමාණයකට දැනටමත් ආසාදනය වී ඇති බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවූයේ.

මේ අතර, මේ වසරේ බ්‍රසීලයේ පැවැත්වෙන ඔලිම්පික් උළලේදී සීකා වෛරසයෙන් ආරක්ෂා වීම සදහා ගත යුතු පියවර පිළිබඳව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව උපදෙස් මාලාවක් අද නිකුත් කිරීමට නියමිතයි.