පස්සර පුරාවස්තු කැණීම් කළ 2ක් අත්අඩංගුවට

Friday, 29 January 2016 - 10:13

%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BB+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+2%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පස්සර - පරපාව ප්‍රදේශයේ ඉඩමක පුරාවස්තු කැණීම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලැබුණු තොරතුරක් මත පුරාවස්තු කැණීමට යොදා ගත් උපකරණ ද සමග මෙම සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 50 ක සහ 56 ක වැලිමඩ සහ ඇල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

සැකකරුවන් අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.