ධාවනය වන දුම්රියට නගින්න ගිය පාසැල් සිසුවා අනතුරක (ඡායාරූප)

Friday, 29 January 2016 - 10:42

%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ධාවනය වෙමින් තිබු දුම්රියකට නැගීමට උත්සාහ  කල පාසැල් සිසුවකු ඉන් ඇද වැටී තුවාල ලබා තිබෙනවා.

හැට්න් සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබු දුම්රියකට නැගීමට උත්සාහ කල සිසුවකු අද පෙරවරුවේ මෙම අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

තුවාල ලැබු සිසුවා මේවන විට දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

හැට්න් ප්‍රදේශයේ පෞද්ගලික පාසැලක ඉගෙනුම ලබන මෙම සිසුවා අද දිනයේ භාහිර පංතියකට සහභාගී වීමට යාම සඳහා හැට්න් දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේ ධාවනය වන දුම්රියට නැගීමට උත්සාහ කර ඇතැයි සඳහන්.

තුවාල ලැබු සිසුවාගේ තත්වය බරපතල නොවන බවයි දික්ඔය රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාශකර ඇත්තේ.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ