IS ට සම්බන්ධ බවට සැක ලාංකිකයකුගේ නිවසක් ඔස්ට්‍රේලියා බලධාරීන් වටලයි

Friday, 29 January 2016 - 13:32

IS+%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානු ජාතිකයකුගේ නිවාස 2 ක් ඔස්ට්‍රේලියා ත්‍රස්ත විමර්ශණ ඒකකය විසින් වටලා තිබෙනවා.

ඒ ඔහු අයි එස් කැරළිකරුවන් සමග සම්බන්ධයක් ඇති බවට වන සැකයක් හේතුවෙන්.

අයි එස් සංවිධානයට සහය පළ කරමින් එළිදක්වා ඇති වීඩියෝ පටයක මෙම පුද්ගලයා පෙනී සිට ඇති බවයි ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ ප්‍රකාශ කලේ.

කෙසේවෙතත් මෙම වැටලීමෙන් සොයාගත් කරුණු පිළිබඳ  බලධාරීන් මෙතෙක් තොරතුරු හෙළි කර නැහැ.

සිරියාවේ ක්‍රියාත්මක සෞඛ්‍ය සංවිධානවලට සහය ලබාදෙන ලෙසට  සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බව අයි එස් සංවිධානය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබු වීඩියෝ පටයක පෙනී සිටින ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියා ජාතිකයා අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම තමා අයි එස් සංවිධානය සමග එක්ව ප්‍රතිකාර කටයුතු සිදුකරන අතර සතියකට රෝගීන් 500 කට වැඩි ප්‍රමාණයකට ප්‍රතිකාර කරන බවයි ඔහු පෙන්වාදී ඇත්තේ.

ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ විමර්ශණයට ලක්කල නිවෙස් දෙකෙහි හිමිකරු වන ලාංකිකයාට අයත් නිවෙස්වල පදිංචිකරුවන් පිළිබඳව ද මෙතෙක් තොරතුරු හෙළිකර නැහැ.