බැතිබර හිරු සිරිපා කරුණාවට ජනතා හරසර

Friday, 29 January 2016 - 13:05

%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%84%E0%B6%BB%E0%B7%83%E0%B6%BB
ලක් ඉතිහාසයේ සංවිධාන වන්නා වූ මහා වන්දනා ගමන, හිරු සිරිපා කරුණාව විශාල බැතිමතුන් පිරිසකගේ හරසර මැද දැන් ක්‍රියාත්මකයි.

හිරු එෆ්.එම්. සංවිධාන කරන මේ සුපින්බර වන්දනා ගමනට එක්ව සිටින්නේ රට පුරා විසිරුණු හිරු ශ්‍රාවකයන්.

අද (29) උදෑසන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පිටත්වූ වන්දනා නඩ රැගත් පෙරහර සිරිපා කරුණා කිරීමට එක්ව සිටින අතර, ඔවුන්ට අවශ්‍ය සියළු පහසුකම් සැලසීමට හිරු එෆ්.එම්. කටයුතු යොදා තිබෙනවා.

මෙවර හිරු සිරිපා කරුණාවේ සුවිශේෂීත්වය වන්නේ උත්තරීතර පූජා කරඬු වහන්සේ හය නමක් වැඩම කරවීමයි.

මහියංගනයේ සිට සිරිපා කරුණාවට වන්දනා නඩය පිටත් වූයේ මහියංගනය රාජමහා විහාරස්ථානයෙන්. අනතුරුව හසලක - උඩුදුම්බර - හුන්නස්ගිරිය - තෙල්දෙනිය - දිගන - මහනුවර හරහා වන්දනා නඩයත් රැගෙන එම වන්දනා නඩය සිරිපා කරුණාවට එක් වනවා.

කළුතර බෝධිය අසලින් වන්දනා නඩයක් නික්මුණු අතර, කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයෙන්ද, වන්දනා නඩ රැගත් බස් රථ හිරු සිරිපා කරුණාවට එක් වුණා.

 මිනුවන්ගොඩ රජමහා විහාරස්ථානයෙන් පැමිණෙන වන්දනා නඩ රැගත් බස් රථ වේයන්ගොඩ - නිට්ටඹුව - වරකාපොල - කෑගල්ල - මාවනැල්ල - කඩුගන්නාව ප්‍රදේශ පසුකරමින් ගමන් කරනවා.

දිවයිනේ සංවිධාන වන දැවැන්තම වන්දනා ගමන වන හිරු සිරිපා කරුණාවට ඇඹිලිපිටියෙන්ද තවත් බැතිමතුන් පිරිසක් එක්ව සිටිනවා. උත්තරීතර පූජා කරඬු වහන්සේ රැගත් තවත් රථ පෙරහර හිරු සිරිපා කරුණාවට නිකවැරටියෙන්ද ගමන් ආරම්භ කළා.

මේ සියළු වන්දනා නඩ එකට එක් වන්නේ හැටන් නගරයේදී එක්වන අතර. අනතුරුව ඒවා නල්ලතන්නිය දක්වා ගමන් කිරීමට නියමිතයි.

අද පෙරවරුවේ හිරු සිරිපා කරුණාව ආරම්භ කලේ මේ ආකාරයෙන්.