අදත් අජිත් පී පෙරේරාට විරෝධය

Friday, 29 January 2016 - 13:51

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා කළුතර - මිල්ලනිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී සමෘද්ධි නිලධාරීන්ට එරෙහිව සිදුකළ ප්‍රකාශයකට විරෝධය පළ කරමින් සමෘද්ධි නිලධාරීන් පිරිසක් අද (29) කුරුණෑගල නගරයේදී විරෝධතාවක නිරත වුණා.

එය සංවිධාන කර තිබුණේ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයයි.

ඊට එක් වූ එම සංගමයේ නියෝජ්‍ය ලේකම් පියල් මාතරආරච්චි සඳහන් කළේ සමෘද්ධි නිලධාරියෙකුට තර්ජනය කරමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කළ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර ගත යුතු බවයි.

කෙසේ වෙතත්, පසුගියදා හිරු ටී.වී පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කියා සිටියේ වැරදිකළ නිලධාරින්ට එරෙහිව සිදුකළ ප්‍රකාශය තමන් ඉල්ලා අස් කර නොගන්නා බවයි.