ලක්ෂ 96 ක වල්ලපට්ටා සමග පුද්ගලයෙක් රේගු දැලේ

Friday, 29 January 2016 - 15:34

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+96+%E0%B6%9A+%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B4%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%99%E0%B7%8A%E0%B6%9C%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
අද අලුයම ඩුබායි බලා යාමට පැමිණි පුද්ගලයෙකුගේ ගමන් මලු වල තිබී වල්ලපට්ටා කිලෝ 32 ක් රේගුව විසින් ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි වටිනාකම ලක්ෂ 96 ක් බවයි රේගුව ප්‍රකාෂ කළේ.

මෙම පුද්ගලයා බඩල්ගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් වල්ලපට්ටා තොගය රාජසන්තක කර ඇති අතර එම පුද්ගලයා ලක්ෂයක දඩයක් මත නිදහස් කර තිබෙනවා.