රවී කරුණානායකගෙන් අනුරට අභියෝගයක්

Friday, 29 January 2016 - 19:30

%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට මුදල් අමාත්‍ය රවී කරුණානායක අද අභියෝගයක් කළා.

ඒ, මෙරටට ආනයනය කළ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථ 930ක් සම්බන්ධයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී ඔහු සිදුකළ ප්‍රකාශයකට අදාලවයි.

එහිදී ඔහු මුදල් අමාත්‍යවරයාට චෝදනා කළ අතර, පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ අදාළ ප්‍රකාශය සිදුකරන ලෙසට අමාත්‍ය රවී කරුණානායක අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළා.

දේශපාලන වාසි වෙනුවෙන් සිදුකරන එවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සූදානම් බවයි ඔහු කියා සිටියේ.