මහින්ද - මෛත්‍රී හමුවෙයි

Friday, 29 January 2016 - 20:06

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+-+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද හදිසියේ හමුවුණා.

ඒ, කෝට්ටේ ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරයෙන් පිදුම් ලද පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේට සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පූජෝත්සවයේදියි.

කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ පැවැති උත්සවයේදී විජිණිපත පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකළා.

අටපිරිකර පූජා කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයි.