පොලිස්පතිට එන්තර වාසියක්

Friday, 29 January 2016 - 20:27

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඇඹිලිපිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ නියෝගයට අනුව අදාළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට නොගැනීම පිළිබදව පොලිස්පතිවරයාට අද එන්තර වාසියක් යවන බව නීතිඥවරුන් ප්‍රකාශ කරනවා.

මේ පිළිබදව වැඩබලන නීතිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම නීතිඥ පිරිස නියෝජනය කළ නීතිඥ උදුල් ප්‍රේමරත්න කියා සිටියේ ඉදිරි පැය 24 තුළ පොලිස්පතිවරයා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

සාදයක් අතරතුර පොලිසිය සමඟ ඇතිවු ගැටුමකින් තරුණයෙකු මියයාමේ සිද්ධියට අදාළව ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා, ස්ථානාධිපතිවරයා ඇතුළු සියලූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය පෙරේදා දිනයේ නියෝග කළා.

ඒ, සිද්ධියට අදාළ නඩුවේ 03 වන දින සාක්ෂි කැඳවීමේදීයි.