ඇඹිලිපිටිය තරුණයාගේ ඥාතීන්ගෙන් පොලිස්පතිට පැය 24ක්

Saturday, 30 January 2016 - 7:41

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24%E0%B6%9A%E0%B7%8A
ඇඹිලිපිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ නියෝගයට අනුව අදාළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට නොගැනීමෙන් නීතිය සහ පොලීසිය කෙරෙහි ජනතා විශ්වාසය බිද වැටෙන බව අදාළ ගැටුමේදී මිය ගිය සුමිත් ප්‍රසන්නගේ ඥාතීන් වෙනුවෙන් පොලිස්පතිවරයා වෙත යැවූ එන්තර වාසියෙහි සදහන් වනවා.

ඊයේ මෙම එන්තර වාසිය යවනු ලැබුවේ නීතිඥ උදුල් ප්‍රේමරත්න විසින්.

සුමිත් ප්‍රසන්නගේ බිරිද වන නිශාමනී මුණසිංහගේ උපදෙස් මත අදාළ එන්තර වාසිය එවන බව සදහන් කරන නීතිඥවරයා මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය නොතකා කටයුතු කිරීම පොලිස්පතිවරයා සැකකරුවන් පිළිබද දක්වන විශේෂ සැලකිල්ලක් ලෙසයි සදහන් කරන්නේ.

පැය 24ක් තුළ ඔවුන් අත්අඩංගුවට නොගතහොත් රාජ්‍ය සේවයේ සහ පොලිස් සේවයේ ගෞරවය කෙළසීම මෙන්ම බලතල ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව නිසි අධිකරණයක නඩු පවරන බව ද නීතිඥ උදුල් ප්‍රේමරත්න පොලිස්පතිවරයාට යැවූ එන්තර වාසියෙහි සදහන් වනවා.

වැඩබලන නීතිපතිවරයා ද ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කළ බවයි නීතිඥ උදුල් ප්‍රේමරත්න සදහන් කළේ.

සාදයක් අතරතුර පොලිසිය සමඟ ඇතිවු ගැටුමකින් තරුණයෙකු මියයාමේ සිද්ධියට අදාළව ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා, ස්ථානාධිපතිවරයා ඇතුළු සියලූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය පෙරේදා දිනයේ නියෝග කළා.

ඒ, සිද්ධියට අදාළ නඩුවේ 03 වන දින සාක්ෂි කැඳවීමේදීයි.