සිරිපා කරුණාව සාර්ථකව අවසන්

Saturday, 30 January 2016 - 7:43

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ලක් ඉතිහාසයේ සංවිධාන වන්නා වූ මහා වන්දනා ගමන, හිරු සිරිපා කරුණාව විශාල බැතිමතුන් පිරිසකගේ හරසර මැද අද අලූයම සාර්ථකව අවසන් වුණා.

හිරු එෆ්.එම්. සංවිධාන කරන මේ සුපින්බර වන්දනා ගමනට එක්වුණේ රට පුරා විසිරුණු හිරු ශ්‍රාවකයන්.

ඊයේ උදෑසන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පිටත්වූ වන්දනා නඩ රැගත් පෙරහර සිරිපා කරුණා කිරීමට එක්ව සිටි අතර, ඔවුන්ට අවශ්‍ය සියළු පහසුකම් සැලසීමට හිරු එෆ්.එම්. කටයුතු කළා.

මෙවර හිරු සිරිපා කරුණාවේ සුවිශේෂීත්වය වුණේ උත්තරීතර පූජා කරඬු වහන්සේ හය නමක් වැඩම කරවීමයි.

ඒ අනුව කොළඹ, මිනුවන්ගොඩ, ඇඹිලිපිටිය, මහියංගනය, කළුතර, නිකවැරටිය යන නගරවලින් පිටත් වූ හිරු සිරිපා කරුණාව සමඟ එක්ව අති විශාල පිරිසක් ඊට පූජෝපහාර දක්වනු ලැබුවා.

මේ සියළු වන්දනා නඩ ඊයේ පස්වරුවේ  හැටන් නගරයේදී එක්වූ අතර එහිදී හිරු සිරිපා කරුණාවට හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්.

ඊයේ  (29) උදෑසන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වන්දනා නඩ රැගත් රථ  පෙරහර  ආරම්භ කළා.

ඔවුන්ට අවශ්‍ය සියළු පහසුකම් සැලසීමට හිරු එෆ් එම් කටයුතු යොදා තිබුනා.

මෙවර හිරු සිරිපා කරුණාවේ සුවිශේෂීත්වය වන්නේ උත්තරීතර පූජා කරඬු වහන්සේ හය නමක් වැඩම කරවීමයි.

මහියංගනයේ සිට සිරිපා කරුණාවට වන්දනා නඩය පිටත් වූයේ මහියංගනය රාජමහා විහාරස්ථානයෙන්.
 
කළුතර බෝධිය අසලින් ගමන් ආරම්භ කල වන්දනා නඩයට  කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයෙන්ද බැතිමතුන් එක්වුණා.

මිනුවන්ගොඩ රජමහා විහාරස්ථානයෙන් සිරිපා කරුණාවට එක්වු වන්දනා නඩ රැගත් බස් රථ වේයන්ගොඩ - නිට්ටඹුව - වරකාපොල - කෑගල්ල - මාවනැල්ල - කඩුගන්නාව - හැටන් ප්‍රදේශ පසුකරමිනුයි නල්ලතන්නියට ලඟාවූයේ.

දිවයිනේ සංවිධාන වන දැවැන්තම වන්දනා ගමන වන හිරු සිරිපා කරුණාවට ඇඹිලිපිටියෙන්ද තවත් බැතිමතුන් දැවැන්ත පිරිසක් එක්ව සිටියා.

උත්තරීතර පූජා කරඬු වහන්සේ රැගත් තවත් රථ පෙරහර හිරු සිරිපා කරුණාවට නිකවැරටියෙන්ද ගමන් ආරම්භ කළා.

මේ සියළු වන්දනා නඩ අවසානයේදී නල්ලතන්නියේදී එකට එක්වි ශ්‍රීපාද වන්දනාව ආරම්භ කළා.

හිරු සිරිපා කරුණාවට එක්වීමට නොහැකිවු තවත් දහස් ගණනක් ශ්‍රාවක බැතිමතුන් වන්දනා නඩ ගමන් ගත් මඟ දෙපස රැදී සිටිමින් පුද පඬුරු - පූජා භාණ්ඩ හිරු අපේ කණ්ඩායමට ලබා දුන්නේ ඉමහත් බැති සිතිනුයි.