මාවතගම දැරිය අපයෝජනය කර ඝාතනය කළ බව හෙළිවේ

Saturday, 30 January 2016 - 7:57

%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
මාවතගම - තල්ගස්පිටිය ප්‍රදේශයේදී ඝාතනය කර තිබියදී සොයා ගත් 13 හැවිරිදි දැරිය දුෂණයට ලක්කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ ඇය ගෙළ සිරකර මරා දමා ඇති බවයි.

දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පිලැස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ප්‍රදේශයේ නිවසක ඇඳ ඇතිරිල්ලක ඔතා තිබූ දැරියගේ සිරුර ඊයේ පස්වරුවේ පොලිසිය සොයාගත්තේ ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුවයි.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ 42 හැවිරිදි පුද්ගලයෙක්.

පෙරේදා කිරි අලෙවි කිරීමට ගොස් යළි නිවසට නොපැමිණීම හේතුවෙන් ඇයගේ දෙමව්පියන් කල සොයා බැලීමකදීයි පාලු නිවසක තිබී දැරියගේ සිරුර සොයා ගැනුනේ.

මෙම මරණයට අදාළව සැකපිට ප්‍රශ්ණ කිරීම සඳහා පුද්ගලයන් 3 දෙනෙකු පොලිස් භාරයට ගත් අතර පසුව ඉන් දෙදෙනෙකු නිදහස් කරනු ලැබුවා.