ඩිෆෙන්ඩර් කොළඹ වරායට

Saturday, 30 January 2016 - 13:01

%E0%B6%A9%E0%B7%92%E0%B7%86%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%A7
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් H M S ඩිෆෙන්ඩර් යුද නෞකාව මේ වන විට සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබෙනවා.

ඉන්දීය සාගරයේ අනෙකුත් ප්‍රදේශවලට පිවිසීමට පෙර ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම එය කොළඹ වරායට පැමිණීමේ තවත් අරමුණක්.

බ්‍රිතාන්‍ය යුද නෞකාව කොළඹ වරායට පැමිණීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සදහන් කළේ එය දෙරට අතර වර්ධනය වෙමින් පවත්නා සමීප ආරක්ෂක සබඳතා සලකුණු කරන බවයි.

ඩිෆෙන්ඩර් යුද නෞකාව එක්සත් රාජධානියේ නිෂ්පාදනය කළ ලොව අති නවීනතම ප්‍රහාරක නෞකාවක් ලෙසයි සැලකෙන්නේ.

එය මිසයිල නාශක අවි ඇතුළු ප්‍රහාරක අවිවලින් සන්නද්ධ වන අතර නාවික හෙලිකොප්ටරයක් ද රැගෙන එනවා.

මෙම නෞකාවේ සිට ගොඩබිම් ප්‍රහාර ද දියත් කළ හැකිවීම විශේෂත්වයක්.

බ්‍රිතාන්‍ය යුද නෞකාව කොළඹ වරායේ රැදී සිටින කාලය තුළ එහි නාවිකයන් ශ්‍රී ලංකාව නාවික හමුදාව සමඟ එක්ව ක්‍රියාකාරකම් රැසක නිරත වන බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සදහන් කළා.