යෝෂිතගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය ප්‍රශ්න කරයි

Saturday, 30 January 2016 - 13:01

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත් නාවික හමුදාවේ ලූතිනන් යෝෂිත රාජපක්ෂගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වනවා.

යෝෂිත රාජපක්ෂ අද පෙරවරුවේ නාවික හමුදා මූලස්ථානයට කැදවා ප්‍රශ්න කරමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කළේ.

මේ අතර, හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිටගෙන් ද මූල්‍ය අපරාධ කොට්ඨාශය මේ වන විට ප්‍රශ්න කරමින් සිටිනවා.