Update: යෝෂිත ඇතුළු පිරිස රක්ෂිතයට (ඡායාරූප)

Saturday, 30 January 2016 - 16:46

Update%3A+%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇතුලූ පස්දෙනා ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

යෝෂිත රාජපක්ෂ ඇතුලූ පිරිස අධිකරණයට රැගෙන එන අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ - ශිරන්ති රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන පවුලේ සාමාජිකයන්ද එහි පැමිණ සිටියා.

එසේම ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ඩී.වී. චානක, ලොහාන් රත්වත්තේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද අධිකරණ භූමියට පැමිණ සිටි අතර, දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ යෝෂිත රාජපක්ෂ ඇතුලූ පිරිස අධිකරණයට රැගෙන ආ බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

මේ අතර පස්වරු 6.10 ට පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද කඩුවෙල අධිකරණ භූමියට පැමිණි බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.



යෝෂිත රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද අත්අඩංගුවට ගත්තා.

ඒ, සී.එස්.එන්. නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ යොදාගැනීම සහ හේතු  ඉදිරිපත් කළ නොහැකි මූල්‍ය ප්‍රතිපාදනවලින් එම නාලිකාව ආරම්භ කිරීම මෙන්ම පවත්වාගෙන යෑම යන චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි.

එසේම හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක, සී.එස්.එන්. නාලිකා ප්‍රධානී රොහාන් වැලිවිට මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ නිශාන්ත රණතුංග මෙන්ම කවිශාන් දිසානායක සහ අෂාන් ප්‍රනාන්දු යන අයද  මෙම සිද්ධියට අදාළව අද අත්අඩංගුවට ගත්තා.

ඔවුන් සියලූදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.



UPDATE:---------------------------------------------

යෝෂිත රාජපක්ෂ සමඟ රොහාන් වැලිවිට, නිශාන්ත රණතුංග ඇතුලූ 5ක් අත්අඩංගුවට (ඡායාරූප)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද (30) අත්අඩංගුවට ගත්තා.

එසේම හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක, සී.එස්.එන්. නාලිකා ප්‍රධානී රොහාන් වැලිවිට මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ නිශාන්ත රණතුංග ඇතුලූ තවත් සිව්දෙනෙකුද අද අත්අඩංගුවට ගත්තා.

ඒ, සී.එස්.එන්. නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ යොදාගැනීම සහ හේතු  ඉදිරිපත් කළ නොහැකි මූල්‍ය ප්‍රතිපාදනවලින් එම නාලිකාව පවත්වාගෙන යෑම යන චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි.

නාවික හමුදාවේ ලූතිනන්වරයෙකු වන යෝෂිත රාජපක්ෂගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය ප්‍රශ්න කළේ ඔහු නාවික හමුදා මූලස්ථානයට කැඳවීමෙන් අනතුරුවයි.

අනෙක් පිරිසගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශයේදී  ප්‍රශ්න කිරීම් සිදුකළා.   

සැකකරුවන්  කඩුවෙල මහේස්‍ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. යෝෂිත රාජපක්ෂගේ මව ශිරන්ති රාජපක්ෂ හා සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාපක්ෂ ද  සිය නීතිඥවරුන් ද සමග කඩුවෙල අධිකරණ භූමියට පැමිණ ඇති බව සඳහන්.

බැසිල් රාජපක්ෂ / ගෝඨාභය රාජපක්ෂ / ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ  සරත් මනමේන්ද්‍ර ද අධිකරණ භූමියට මේ වන විට පැමිණ තිබෙනවා.  

අධිකරණය අවට පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදා තිබේ.