දියණිය, දුම්රියෙන් විසිකරන්න ගිය මව අත්අඩංගුවට

Saturday, 30 January 2016 - 18:54

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මාස අටක තම සිඟිති දියණිය දුම්රියකින් පිටතට විසි කිරීමට උත්සාහ කළ බීමත් මවක් මොරටුව පොලීසිය අද අත්අඩංගුවට ගත්තා.

ඒ, දුම්රිය මගීන් විසින් ඇය සහ දැරිය මොරටුව දුම්රිය ස්ථානයට භාරදීමෙන් පසුවයි.

අද පස්වරු 1.30ට පමණ මරදානේ සිට කළුතර බලා ධාවනය වූ දුම්රියක මෙම මව ගමන් කරමින් තිබුණේ සිඟිති දියණියද අත දරාගෙනයි.

එක්වරම ඇය දියණිය දුම්රියේ ජනේලයකින් පිටතට විසි කිරීමට තැත් කර තිබෙනවා.

එම අවස්ථාවේ අවට සිටි මගීන් ක්‍රියාත්මක වී දැරියගේ දිවි බේරාගත්තා.

අනතුරුවයි මව සහ දැරිය මොරටුව දුම්රිය ස්ථානයට භාරදී ඇත්තේ.

පොලීසියට රැගෙන යාමෙන් පසු අනාවරණ වී තිබුණේ මෙම මව අධික ලෙස බීමතින් පසුවූ බවයි.

දැරිය පරිවාස දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව මොරටුව පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.