යෝෂිත අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනපති කියන දේ

Sunday, 31 January 2016 - 7:54

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පුත් යෝෂිත රාජපක්ෂ ඇතුලූ පස්දෙනා ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළා.

කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මෙම නියෝගය නිකුත් කළේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අත්අඩංගුවට ගත්තේ සී.එස්.එන්. නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ යොදාගැනීම සහ හේතු  ඉදිරිපත් කළ නොහැකි මූල්‍ය ප්‍රතිපාදනවලින් එම නාලිකාව ආරම්භ කිරීම මෙන්ම පවත්වාගෙන යෑම යන චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි.

එසේම හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක, සී.එස්.එන්. නාලිකා ප්‍රධානී රොහාන් වැලිවිට මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ නිශාන්ත රණතුංග මෙන්ම කවිශාන් දිසානායක සහ අෂාන් ප්‍රනාන්දු යන අයද  මෙම සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත්තා.

යෝෂිත රාජපක්ෂ ඇතුලූ පිරිස අධිකරණයට රැගෙන එන අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ - ශිරන්ති රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන පවුලේ සාමාජිකයන්ද එහි පැමිණ සිටියා.

 එසේම ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ඞී.වී. චානක, ලොහාන් රත්වත්තේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද අධිකරණ භූමියට පැමිණියා.

හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂද අනතුරුව එම ස්ථානයට ළඟාවුණා.   

ඉන් අනතුරුව අධිකරණ භූමියේ සිට අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ තම පුත් යෝෂිත රාජපක්ෂ ඇතුලූ පිරිස පදනම් විරහිතව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔවුන්ට එරෙහිව නගා ඇත්තේ අසත්‍ය චෝදනා බවද, තමන්ගෙන් පළිගැනීම සඳහා මෙම ක්‍රියාවලිය සිදුකරන බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.