බිංගිරියේ අනතුරකින් පුද්ගලයෙක් මරුට

Sunday, 31 January 2016 - 11:56

%E0%B6%B6%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හලාවත කුරුණෑගල මාර්ගයේ බිංගිරිය ප්‍රදේශයේ අද උදෑසන සිදු වූ අනතුරකින් යතුරුපැදිකරුවකු මියගොස් තිබෙනවා.

මාර්ගය අසල නවතා තිබූ ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මියගොස් ඇත්තේ ආරියගම මුගුණුවටවල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.

යතුරුපැදියේ ගමන් කල තවත් අයෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා හලාවත රෝහලට ඇතුල් කර තිබෙනවා.

බිංගිරිය පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ.