ඒකාබද්ධ විපක්ෂය මර්දනයට හේතු පහදයි

Sunday, 31 January 2016 - 18:44

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන්ට එරෙහිව මර්දනයක් ක්‍රියාත්මක වන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

මත්තේගොඩ අද පස්වරුවේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කළා.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහාය හිමි වන නව දේශපාලන පක්ෂයකින් තරඟ කරන බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයින්ගේ සංසදය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනත් පක්ෂයක් බිහි කළහොත් ඔහු ද නිදහස් පක්ෂයෙන් නෙරපිය හැකි බව හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න ප්‍රකාශ කළේ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදියි.