ළමයින් දස දහසක් අතුරුදන්

Monday, 01 February 2016 - 7:49

%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%83+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
පසුගිය වසර දෙක තුළ යුරෝපයට සංක්‍රමණය වූ සරණාගතයන් අතර සිටි ළමයින් විසි හය දහසෙන් දස දහසක් අතුරුදන්ව ඇති බව යුරෝපීය පොලිස් බුද්ධි ඒකකය පවසනවා. ඔවුන් මේ බව හෙළිකර ඇත්තේ යුරෝපයේ දැනට සිටින සියලූම සරණාගතයන් සම්බන්ධයෙන් සිදුකරන ලද සමීක්ෂණයකින් අනතුරුවයි. යුරෝපීය පොලිස් බුද්ධි ඒකකයට අනුව අතුරුදන්වූ මෙම ළමයින් විවිධ ලිංගික අතවර සහ අපරාධවලට ලක්ව ඇති බවට අනුමාන කෙරෙනවා. එමෙන්ම ඇතැම් ළමයින් වහල් සේවයේ යොදවා ඇති බවටයි එම ඒකකය චෝදනා කරන්නේ.