පස්සර සඳුන් ගසක් සොරෙන් කපයි

Monday, 01 February 2016 - 11:40

%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BB+%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට තිබූ වසර 21 ක් පැරණි සඳුන් ගස ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් සොරෙන් කපාගෙන ගොස් ඇති බව පස්සර පොලීසිය පවසනවා.

1995 වසරේදී මෙය හිටපු දිසාපතිවරයෙකු විසින් රෝපණය කර තිබූ බවයි පස්සර ප්‍රාදේශීය ලේකම් නිමේෂා වර්ණසිංහ සඳහන් කළේ.

අඩි 15 ක් පමණ  වට අඩි ප්‍රමාණයකින් යුත් මෙම ගසෙහි කොළ අතු කපා කඳ පමණක් සොරගෙන ගොස් ඇති බව ඇය හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළා.

පස්සර පොලීසිය සිද්දිය සම්බන්දයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.