මියන්මාර නව පාර්ලිමේන්තුව මුල්වරට රැස්වෙයි

Monday, 01 February 2016 - 13:13

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් පසුව පත්වූ නව පාර්ලිමේන්තුව අද මුල්වරට රැස්වනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ හමුදා පාලනයෙන් තොරව මෙවැනි පාර්ලිමේන්තුවක් රැස්වන්නේ වසර 50 කට පසුව බවයි.

පසුගිය නොවැම්බරයේ පැවති මියන්මාර මහ මැතිවරණයෙන් අවුන්සාන් සුකීගේ ජාතික ලීගය ජයග්‍රහණය කළ අතර ඉන් ඔවුන්ට සියයට 80 ක ආසන හිමිවුණා.

නව පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ප්‍රථම කාර්ය වන්නේ නව ජනාධිපතිවරයෙකු පත් කරගැනීමයි.

මියන්මාර හමුදා පාලන රජයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන තෙයින් සෙයින්ගේ නිල කාලය එළඹෙන මාර්තු මාසයේ අවසන් වනවා.

කෙසේ වෙතත් මියන්මාර ව්‍යවස්ථාවට අනුව අවුන්සාන් සුකීට ජනාධිපති ධුරය සඳහා පත්වීමට හැකියාවක් නැහැ.

ඒ ඇය විදේශිකයෙකු හා විවාහ වී සිටීමයි.