ඩෙංගු බෝ කළ කොළඹ පාසල් 5 කට නඩු

Monday, 01 February 2016 - 13:24

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B6%E0%B7%9D+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+5+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අයුරින් පරිශ්‍ර පවත්වාගෙන ගිය කොළඹ ප්‍රධාන පෙළේ පාසල් 5කට එරෙහිව නඩු පැවරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබෙනවා.

එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි සඳහන් කළේ පසුගිය දින කිහිපයේ සිදුකළ පරීක්ෂා කිරීම්වලදී මෙම පාසල්වල තිබී ඩෙංගු මදුරු කීටයන් බෝවිය හැකි ස්ථාන සොයාගත් බවයි.

මේ අතර ළමයින් 4000 ක් පමණ ඉගෙනුම ලබන නුගේගොඩ අනුලා විද්‍යාලයේ ගුරුවරියන් අටදෙනෙකුට සහ සිසුන් පිරිසකට පසුගිය දින කිහිපයේ ඩෙංගු රෝගය වැළඳී ඇති බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් පැමිණ පාසලේ පරීක්ෂා කිරීම් කටයුතු සිදුකළත් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කළේ.