ආනන්ද හිමියන්ට අධිකරණ නියෝගයක්

Monday, 01 February 2016 - 14:08

%E0%B6%86%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නාරාහේන්පිට - අභයාරාමය දේශපාලන කටයුතු සඳහා යොදා නොගන්නා ලෙස ඉල්ලා, කිරුළපන - පූර්වාරාම විහාරාධිපති පූජ්‍ය පත්බේරිය විමලඥාන හිමියන් කොළඹ දිසා අධිකරණයේ අද නඩුවක් ගොනුකළා.

එහි වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්.

ඒ අනුව වගඋත්තරකාර පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට මේ මස 15 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසයි කොළඹ දිසා විනිසුරු ටී.ඞී. ගුණසේකර  නියෝග කළේ.