සිංහල රාවයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියන් රක්ෂිත බන්ධනාගාරයට

Monday, 01 February 2016 - 15:24

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD+%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
හෝමාගම අධිකරණ භූමියේ කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ලබන 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සුදත්ත හිමියන් සමඟ තවත් හිමි නමක් අද දින පොලීසියට භාර වූ අතර ඉන් අනතුරුවයි එම හිමිවරුන් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ.

මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ අනෙක් හිමි නම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළේ.

පසුගිය 26 වන දා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෝමාගම අධිකරණය මගින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඉන් අනතුරුව ගිහි පැවිදි පිරිසක් අධිකරණ භූමියේ කලහකාරී ලෙස හැසිරුණු අතර ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

අද පෙරවරුවේ සිට අධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය පොලීසිය සහ කැරළි මර්දන ඒකක කැදවා තිබූ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මේ වන විට පසුගිය 26 වන දා අධිකරණ භූමිය අවට කලහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා ලැබූ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මේ අතර බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ක්‍රියා කලාපය පිළිබද දැනුවත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු පසුගිය දා සියම් මහා නිකායේ කෝට්ටේ කල්‍යානි සමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් හමුවුණා.

ඒ අනුව ඥානසාර හිමියන්ගේ ක්‍රියාකලාපය පිළිබදව මේ මාසය තුළ සංඝ සභාව රැස්වී තීරණයක් ගැනීමට නියමිතයි. දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නියෝජනය කරන්නේ කෝට්ටේ පාර්ශවයයි.