ෆුල් ෆේස් දාගෙන බැංකුවක් කොල්ල කයි

Monday, 01 February 2016 - 17:10

%E0%B7%86%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු දොම්පේ - තිත්තපත්තර - සමනබැද්ද ග්‍රාමීය බැංකුවේ මුදල් කොල්ල කා පළා ගොස් තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලීසිය කියා සිටියේ අද පස්වරු 3.35ට පමණ මෙම කොල්ල කෑම සිදුකර ඇති බවයි.

සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කරන ලද හිස් වැසුම් පැළද සිටි කොල්ලකරුවන් ආයුධ සන්නද්ධව පැමිණ එහි සිටි පිරිස බිය ගන්වා මෙම කොල්ල කෑම සිදුකර හංවැල්ල ප්‍රදේශයට පලා ගොස් තිබෙනවා.

කොල්ලකරුවන් රැගෙන ගිය මුදල මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා දොම්පේ පොලිස් ස්ථානයෙන් කණ්ඩායම් 4ක් යොදවා ඇති බව ද පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.