ඇඹිලිපිටිය අධිකරණ නියෝගයට දින 6 යි - පොලිසිය?

Tuesday, 02 February 2016 - 7:33

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA++%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+6+%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%3F
ඇඹිලිපිටියේ තරුණයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස  පොලිස්පතිවරයාට රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින්  මියගිය තරුණයාගේ බිරිද වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් ඊයේ (02)   අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළා. ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර අදට දින 6ක්.

 ඇඹිලිපිටියේ මියගිය තරුණයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්  පෙත්සම ගොනු කළේ ඊයේ පස්වරුවේයි.

ඇඹිලිපිටිය මියගිය තරුණයාගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නීතිඥ උඳුල් ප්‍රේමරත්න -

"...සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්න කියලා දවස් 5 ක් ගත වෙලා තියෙනවා. පොලිස්පතිවරයා විසින් තවමත් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරලා නැහැ. මෙම ඝාතනයට වගකිව යුතු ප්‍රධාන සැකකරු වන ඒ.එස්.පී. වරයා අත්අඩංගුවට ගන්නේ නැතුව පොලිස්පතිවරයා විසින් පුදුමාකාර ආරක්ෂාවක්  පක්ෂපාතී භාවයකින් තමයි මෙම ඝාතනයට පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන්නේ.  එම නිසා මේ පිළිබඳව අපි  අභියාචනාධිකරණයට මැන්ඩාමුස් ආකාරයේ රීට් ආඥාවක් සදහා ඉදිරිපත් කළා. ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් නියෝගය වහාම පොලිස්පතිවරයා ලවා ක්‍රියාත්මක කිරීම සදහා...."

 
මේ අතර, සිද්ධියට සම්බන්ධ ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා පොලිස් මුලස්ථානයට අනුයුත්කව නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට මාරු කර යවා තිබෙනවා.


ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතීඥ අජිත් පතිරණ

"....මුළු රටම බලාගෙන ඉන්නවා මේ යුක්තිය සාධාරණත්වය ඉෂ්ඨ වීම වෙනුවෙන් .මේ ක්‍රියාවලින් පොලිසිය කෙරෙහි තියෙන විශ්වාසය පළදු වීමක් වෙන්නේ. අනිවාර්යයෙන්ම මෙම සිදුවීම පැහැදිලි සාක්ෂි තියෙනවානම් ඔවුන් අත්අඩංගුවට නොහැකිවීම තුළ වගකීමක් පොලිස්පතිතුමාට එල්ල වනවා.  නීතියට පොලිස් නිලධාරීන් අදාළ නොවන්න විදිහක් නෑ..."
 
අධිකරණ නියෝගයක් ලබාදී තිබියදී ඇඹිලිපිටියේ ඝාතනයට සම්න්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ජනතාව පළ කරන්නේ මෙවන් අදහසක්..

"......- රාජකාරිය හරියට කෙරෙනවානම් අනිවාර්යයෙන්ම වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න ඕන. සාමාන්‍ය පුද්ගලයෙක් වුණානම් මෙලහට අත්අඩංගුවට අරගෙන ඉවරයි...."

"....- ඒ අයට එක විදිහකුත් අපිට එක විදිහකුත් එහෙම පොලිසියක් වැඩක් නැහැනේ....."

".....- පොලිස්පතිතුමා නිහඩයි අපිට කියන්න දෙයක් නෑ එයාගේ වැඩ ගැන..."

".....- පහළ ඉන්න පොලිස් නිලධාරියෝ හැමෝටම ඇගිල්ල දික් කරනවා ඒ වුණාට ඒ පොලිස්නිලධාරීන්ට නියෝග දෙන උසස් පොලිස් නිලධාරීන්ට කිසිම ඇක්ෂන් එකක් නැහැ....'

"....- පොලිස්පතිතුමා අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕන..."

".....- හැමදෙනාම ඉල්ලනවා පොලිස්පතිතුමා මාරු කරන්න ඕන...'

අධිකරණ නියෝගය අනුව ඇඹිලිපිටිය සිද්ධියට  සම්බන්ධ බව පැවසෙන පොලිසියේ පිරිස මෙතෙක් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි හිරු ප්‍රවෘත්ති පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකරගෙන් විමසීමක් කළා. හෙතෙම පැවසුවේ ඇඹිලිපිටිය සිද්ධිය සම්බන්ධ සියළු විමර්ශන - නීතිපති දෙපාර්තමේන්තු උපදෙස් මත ක්‍රියාත්මක කරනුයේ  අපරාධ විමර්ශන අංශය බවයි. ඒ අනුව ඒ පිළිබඳ කිසිවක් ප්‍රකාශ කළ  නොහැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

ඇඹිලිපිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ නියෝගයට අනුව පොලිසිය ගෙන ඇති පියවර කුමක්ද යන්න පිළිබඳව මේ වනවිට මතුව ඇත්තේ දැඩි කතාබහක්.

අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කර තිබියදීත් ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා මේ වන විට පොලිස් මූලස්ථානයට අනුයුක්ත - නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාශයට මාරු කර යවා තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ අධිකරණ තීන්දුවට අනුව තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි.

ඇඹිලිපිටියේ සාදයකදී පොලිසිය සමඟ ඇතිවු ගැටුමකින් තරුණයෙකු මියයාමේ මෙම සිද්ධියට සති 03 කට වැඩි කාලයක් ගත වී තිබෙනවා.