දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල - මහරගම සහ මාතර - මහරගම පෞද්ගලික බස් රථ අද උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ විවෘත ටෙන්ඩර් පටිපාටියකින් තොරව ජාතික ගමනාගමන කොමිසම මාර්ග බලපත්ර ලබාදීම මෙම වර්ජනයට හේතු වී ඇති බවයි.