සිත් තැවුලෙන් වැසිකිළියේ දී කර ගත් දේ

Tuesday, 02 February 2016 - 8:32

%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A++%E0%B6%AF%E0%B7%9A
මාළිගාවත්ත - මැදකොළඹ රෝහලේ වෛද්‍ය සායනයකට පැමිණි කාන්තාවක් රෝහලේ වැසිකිලිය තුළ දී සිරුරට ගිනි තබාගෙන මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

ඊයේ උදෑසන සායනයට පැමිණි ඇය මෙලෙස දිවි හානි කරගෙන ඇත්තේ අධික රුධිර පීඩනය සහ දියවැඩියාව රෝගය නිසා ඇති වූ සිත් තැවුලක් නිසා බවයි විශ්වාස කෙරෙන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක්.

මෘත ශරීරය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේදී සිදුකිරීමෙන් අනතුරුව සිරුර ඥාතීන්ට භාර දුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේ.