ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම ගූගල් බැලූන්

Tuesday, 02 February 2016 - 8:53

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%91%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%9C%E0%B7%96%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පහසුකම් ව්‍යාප්ත කිරීම තුළින් දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කර ගැනීමට හැකි වන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

 
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගූගල් ආයතනය සමග ඉකුත්දා පැවැති සාකච්ඡාවල දී මෙම කරුණු අනාවරනය කරගැනීමට හැකිවූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ගුගල්  ආයතනය හා එක්ව ගූගල් බැලූන් සංකල්පය යටතේ ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම නව නිපැයුම් මධ්‍යස්ථාන ඇති කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අභ්‍යාවකාශය ආසන්නයට යැවෙන බැලූන පෙළක් උපයෝගී කරගෙන ග්‍රාමීය ප්‍රදේශ ඇතුළු දිවයිනේ විශාල ප්‍රදේශයක සන්නිවේදනය ආවරණය කෙරෙන ගූගල් - ලූන් ව්‍යාපෘතියේ අත්හදා බැලීම් මේ මාසයේදී ආරම්භ කෙරෙනවා.

ව්‍යාපෘතියේ සියයට 25ක හිමිකාරත්වයක් ශ්‍රී ලංකාවට ලැබෙන බවයි තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය සඳහන් කළේ.

පාවෙන ග්‍රාහක කුළුණු මගින් මෙම බැලූන වලින් සිදුකරන සන්නිවේදන ලබා ගන්නා අතර මෙමගින් මෙරට විදුලි සංදේශ ගාස්තු අඩු කිරීමට හැකි වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

ගූගල් - එක්ස් බැලූන මගින් විශාල ප්‍රදේශයකට සන්නිවේදන පහසුකම් සැලසීමට හැකිවීම ඊට හේතුවයි.

 එමෙන්ම එමගින් වඩාත් ඉහළ වේගයකින් යුත් දත්ත සේවාවන් ද සැලසීමට හැකි වනු ඇති.