විදේශික කාන්තාවක් සංචාරක හෝටලයක් තුළදී හදිසියේ මිය යයි

Tuesday, 02 February 2016 - 9:14

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අලූත්ගම - මොරගල්ල ප්‍රදේශයේ සංචාරක නිකේතනයක රැදී සිටි බල්ගේරියානු ජාතික කාන්තාවක් හදිසියේ හෝටල් කාමරයක් තුළ මිය ගොස් තිබෙනවා.

28 හැවිරිදි මෙම කාන්තාව ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරටට පැමිණ ඇති අතර පෙබරවාරි 15 වන දා දක්වා දිවයිනේ රැදී සිටීමටයි සැලසුම් කර තිබුණේ.

හෝටල් කාමරයේ දොර විවෘත නොකිරීම හේතුවෙන් කලමනාකාරීත්වය පොලීසිය සමඟ පැමිණ එය විවෘත කර පරීක්ෂා කිරීමේදී ඇය මිය ගොස් ඇති බවට සොයා ගැනුණා.

මෙම විදේශික කාන්තාවගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පවත්වා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.