ශ්‍රි පාද වන්දනාවට එක්වු බස් රථයක් අනතුරට ලක්වෙයි - (ඡායාරූප)

Tuesday, 02 February 2016 - 10:08

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%94+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අනුරාධපුරයේ සිට ශ්‍රීපාද වන්දනාෙවේ  පැමිණි බස් රථයක් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේදි මාර්ගය අභියස කන්දක හැපිමෙන් රථයේ ගමන්ගත් දෙදෙනෙක් තුවාල ලබා නුවරඑළිය මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (01)  අනුරාධපුරයේ සිට නුවරඑළියට පැමිණි මෙම පිරිස අඹේවෙල ප්‍රදේශයට ගොස්  නල්ලතන්නිය බලා පැමිණෙමින් සිටින අතරතුරයි අනතුර සිදුවී තිබෙන්නේ.

රදැල්ල අධික බෑවුමි සහිත කෙටි මාර්ගයේදි  රථයේ  තිරිංග ක්‍රියා  විරහිත වූ බව  රියදුරු පවසයි.

බසය පස් කණ්ඩියක ගැටී ඇත. නානුඔය පොලිසිය පවසන්නේ  රාත්‍රී  7.00 ට පමණ  අනතුර සිදුව ඇති බවයි.  වන්දනාකරුවන් තිස්දෙනෙකු පමණ බසයේ සිට ඇත.
 



ඡායාරූප-රංජීත් රාජපක්ෂ