ගිනි අවි දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Tuesday, 02 February 2016 - 10:18

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කුලියාපිටිය - අනුක්කනේ පාසල අසළ දී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මෙම පුද්ගලයා පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී මෙලෙස හමුවී ඇත්තේ ගල්කටස් වර්ගයේ ගිනි අවි දෙකක් බවයි පොලීසිය සදහන් කළේ.

68 හැවිරිදි මොහු අනුක්කනේ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

සැකකරු අද කුලියාපිටිය පොලීසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.