Update: යෝෂිත හිරබත් එපා කියයි

Tuesday, 02 February 2016 - 12:16

Update%3A+%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින  යෝෂිත රාජපක්ෂ ඇතුළු 5 දෙනාට නිවෙස්වලින් රැගෙන එන ආහාර ලබා ගැනීමට අවසර ලබාදී තිබෙනවා.  බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එන්.සී. ධනසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඔවුන් කළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබාදුන් බවයි.

 සී.එස්.එන්. නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ යොදාගැනීම සහ හේතු ඉදිරිපත් කළ නොහැකි මූල්‍ය ප්‍රතිපාදනවලින් එම නාලිකාව ආරම්භ කිරීම ඇතුළු චෝදනා මත යෝෂිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් පස් දෙනා පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින්. පසුව මොවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

 යෝෂිත රාජපක්ෂකට අමතරව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක,  සී.එස්.එන් නාලිකා ප්‍රධානී රොහාන් වැලිවිට සහ එහි ප්‍රධාන විධායක නිලධාරියා වන නිශාන්ත රණතුංග සහ අධ්‍යක්ෂවරුන් වන කවිෂාන් දිසානායක සහ අෂාන් ප්‍රනාන්දුයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇතුලූ පස් දෙනා මේ වනවිට කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ එකම මැදිරියක රඳවා සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එන්.සී. ධනසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.



මහ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට පෙර
Tuesday, 04 August 2020 - 11:12

මහ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Tuesday, 04 August 2020 - 11:07

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

කොරෝනා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්
Tuesday, 04 August 2020 - 10:59

කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නතක් පිළිබඳ බලාපොරොත්තු පළවුවද... Read More