රසායනික පොහොර සමග 26ක් අත්අඩංගුවට

Tuesday, 02 February 2016 - 13:55

%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+26%E0%B6%9A%E0%B7%8A++%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිති විරෝධී ලෙස රසායනික පොහොර සඟවාගෙන සිටි  වෙළෙදුන් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී සොයාගත් පොහොර කිලෝග්‍රෑම් 3000ක් පමණ රාජ සන්තක කළ බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී හම්බන්තොට වැඩබලන දිස්ත්‍රික් ලේකම් සුනෙත් ලෝචන ප්‍රකාශ කළේ.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් 25 දෙනෙකු වරද පිළිගෙන ඇති අතර එක් සැකකරුවෙකුට නඩු පැවරීමට කටයුතු කරන බව ද වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරයා  කියා සිටියා.